The voice of a street dog.



සටහන- ලියෝ තරිදු පෙරේරා

මං පාරේ අයාලේ යන බව්වෙක්
මට මතකයි පොඩි කාලේ මාමලා වගයක් මාව පාරේ දාලා ගියා. එදා තමයි මං බය උන වැඩිම දවස. එදා ඉදන් අව්වට වැස්සට සෙවනක් නැතිව කන්න බොන්න හරියට නැතුව දුක සේ ඉන්නෙ. අව්ව දවසට අව්වෙන් බේරෙන්න වාහනයක් යටට රිංගනවා. මොකද ඉස්සර වගේ හෙවන දෙන්න ගහක් හොයගන්න නැති තරම් නිසා. වාහනේ යට උනත් ඉන්නේ හරි බයෙන් මම.

වැස්ස දවසට තෙමෙන්නෙ නැතුව ඉන්න තැනක් හොයාගන්නම නෑ. කඩයක් ඇතුලකටවත් මට යන්න බෑ.මාව එලවනවා අයාලේ යන බව්වෙක් නිසා. ඉතින් වැස්ස දවසක් කියන්නේ ගොඩක් වෙලාවට මට තෙමෙන්න වෙනවම තමයි. වැස්සට තෙමිලා මගෙන් එන ගද මටම වෙලාවකට ඉවසන්න බෑ. මැක්කොත් ඇගේ බෝ උනාම මට මේ ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා. කන්න කෑමක් හොයන් මං දවසකට කොච්චර නම් දුරක් ඇවිදිනවද. සමහර දවස් වලට කොච්චර ඇවිද්දත් බඩ පිරෙන්න කෑමක් හම්බෙන්නෙත් නෑ. මං ඉතින් ඉවසගන්න බැරි උන වෙලාවට කෑම ඉල්ලනවා මිනිස්සුන්ගෙන්. ගොඩාක් අය මට ඉතින් ගහල පන්නනවා. මං ගද ගහන වල් බල්ලෙක් නිසා වෙන්න ඇති ඉතින් එයාලා එහෙම සලකන්නේ. එත් ඒක මට වෙනස් කරන්න විදියක් නෑනේ ඒක මට උරුම දේනේ. හිත හොද මිනිස්සුත් නැතුවම නෙමෙයි.

මේ ලගදි අපිට කන්න බොන්න දුන්නා ලියෝ එකේ අයියලා අක්කලා.එයාලා හරි හොදයි. එයාලගෙ මොකක්ද වැඩසටහනක්ද කොහෙද. එයාලා අපිව හොයගෙන ඇවිත් අපිට කෑම දීලා අපිව අත ගාලා ආදරෙන් සැලකුවා. මං හිතන්නේ මට ජිවීතෙට ලැබුන ලොකුම සතුටක් ඒක.ඒ අයියලා අක්කලා වගේ උනා නම් අනිත් මිනිස්සුත් අපිට හැමදාමත් සතුටෙන් ඉන්න තිබ්බනේ. අනේ එ අයියලා අක්කලා ආයි එනවා නම් අපිව බලන්න......






Comments

Popular Posts

Generations- A day for kids and the elders.

බහු භූතයෝ - Fun filled Halloween night

කසලින් නොසගවන් පෙරහැරක අභිමන්

Garage Sale- A fundraiser like Never before

බෙලිමල් දන්සල

The Voice of Nightingales